රාජගිරියේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක තීන්ත ආලේප කරමින් සිටියදී අනතුරට ලක්වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අද පස්වරුවේ, අදාළ ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකළ අතර ඉන් එක් අයෙකු මියගොස් සිටි බව ය.
අනෙක් පුද්ගලයා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේය.