තම සැමියා නිතර දෑවැද්ද ඉල්ලා පහර දෙන නිසා නිවෙස් වලින් රන් බඩු සොරකම් කොට ඒවා උගස් කර එම මුදල් දෑවැද්ද ලෙස සැමියාට ලබා දුන් කාන්තාවක් මඩකළපුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම 22 හැවිරිදි තරුණිය පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු සමඟ මීට මාස දෙකකට පමණ පෙර ඔහු සමඟ පැන ගොස් හොර රහසේ විවාහ වී තිබේ.
පසුව සැමියා විසින් ඇයට මවුපියන් ළඟට ගොස් දෑවැද්ද ඉල්ලා ගෙන එන ලෙස පවසමින් පහර දී නිවසින් පන්නා දැමූ බවත් යළි මව්පියන් ළඟට යාමට නොහැකිව නිවෙස් වලින් රන් බඩු සොරකම් කර ඒවා උගස් කර එම මුදල් දෑවැද්ද ලෙස තම සැමියාට ලබා දුන් බවත් කාන්තාව පොලිසියට පවසා ඇත