එය සෙනසුරාදාවකි. කඩපොළ සෑම අතම බඩු භාණ්ඩ, රෙදි මිලදී ගන්නා ගැහැනුය. බස් නැවතුම්පොළ හා දුම්රියපොළ සෑම අතකම ටියුෂන් පන්ති නිම වී පෙම් බස් මුමුණන පෙම්වතුන්ග බස් නැවැතුම්පොළ තැනින් තැන යන මඟ කියමින් බෙරිහන් දෙන බස් කොන්‍ෙදාස්තරවරුන් හා ධාවනය වීමට ඔන්න මෙන්න කියා තිබෙන බස් රථය.
මේ දසුන මීගමුවේ සෑම සෙනසුරාදාවකම අනිවාර්ය එකකි. සතියේ දින පහක් පුරාවට රැකියා හා සේවාස්ථානවලට යන එන මිනිසුන්ගෙන් කාර්යබහුල වන මීගමුව බස් නැවැතුම්පොළට සෙනසුරාදාවේත් ඉස්පාසුවක් නොමැත. ඒ ටියුෂන් පන්ති ගොස් පැමිණෙන සිසු සිසුවියන්ගෙනි. සාමාන්‍ය පෙළ ගණිතය, සිංහල, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන්ට, උසස් පෙළ වාණිජ, කලා, විද්‍යා, ගණිත විෂයන්ට බාහිර උපාධි විෂයන්ට හා නීති ප්‍රවේශයටත් පන්ති යන ළාබාල සහ වැඩිහිටි සිසු - සිසුවියන් සැම අතය.
Read full story: Click Here
සම්පූර්ණ ලිපිය: Click Here





