-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඩයලොග් ආසිආටා සමාගම විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ පසුගිය වසරේ මාර්තු කාර්තුවට සාපේක්ෂව 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 21 කින් පහළ ගොස් රුපියල් බිලියන 1.25 ක්වූ බවයි.
2014 මාර්තු කාර්තුවේදී සමූහයේ ආදායම සියයට 07 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.3 ක් වෙද්දී වියදම රුපියල් බිලියන 9.8 ක් දක්වා සියයට 17 කින් විශාල ලෙස වැඩිවීම ලාභය අඩුවීමට හේතුවී ඇත.
සමූහයේ ජංගම දුරකතන අංශයේ ආදායම රුපියල් බිලියන 14.18 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර සිටින ජංගම දුරකතන ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 9.3 කි.
ස්ථාවර දුරකතන සහ පුළුල් පරාස අන්තර් ජාල සේවා සපයන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සමාගමේ අදායම මෙම මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.5 ක් ලෙස ස්ථාවර මට්ටමක තිබේ.
ඩයලොග් පවසා තිබෙන්නේ සිව්වන පරම්පරාවේ 4G (fourth generation) ජංගම දුරකතන පහසුකම් ලබාදීම සඳහා සමාගම කළ ආයෝජන මෙවර ලාභය අඩුවීමට එක් හේතුවක් වූ බවයි.
මේ අතර, ගාස්තු අයකරන ඩයලොග් ටී.වී (pay television) අංශය 2014 මාර්තු කාර්තුවේදී රුපියල් මිලියන 132 ක ලාභයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 14 ක අලාභයකි.
2013 දෙසැම්බර් අවසාන වනවිට ඩයලොග් රූපවාහිනිය සතුව සිටි ග්‍රාහකයින් ප්‍රමාණය 332,000 ක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos