-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිගරැට් අලෙවියේ මෙරට ඒකාධිකාරී බලය හිමිකර ගෙන සිටින ලංකා දුම්කොළ සමාගම සිය නවතම ගිණුම් වාර්තාව වන 2014 මාර්තු කාර්තුවේ ගිණුම් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ගිණුම් වලින් අනාවරණය වන්නේ 2014 පළමු කාර්තුවේදී සමාගම විසින් රජයේ ආදායමට රුපියල් බිලියන 15.9 කින් දායකවී තිබෙන බවයි. මෙය 2013 මාර්තු කාර්තුවට වඩා රුපියල් මිලියන 800 ක වැඩිවීමකි.
සමාගම විසින් 2014 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 2.03 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙම කාලයේදී සිගරැට් අලෙවිය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 3.6 කින් අඩුවී ඇත.
2013 මුල් කාර්තුවේදී සමාගම ලබා තිබුණේ රුපියල් බිලියන 1.4 ක ලාභයකි.
මේ අතර, සමාගම පවසා තිබෙන්නේ සිගරැට් අපනයනය කිරීමෙන් ලැබූ ආදායම මාර්තු කාර්තුවේදී වර්ධනය වූ බවත් මෙම ආදායම වර්ධනය කර ගැනීම සඳහා අඛණ්ඩවම කටයුතු කරන බවයි.
ලංකා දුම්කොළ සමාගම විසින් අලෙවි කරන සිගරැට් දවටනවල සියයට 80 ක් වැසෙන ලෙස රූපමය අවවාද පළකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කියා තිබුණත් සමාගම එයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos