ඔබ පාවිච්චි කරන දත් බුරුසුව කීයක් විතර වටිනවාද? ජර්මානු සමාගමක් විසින් නව දත් බුරුසුවක් හදුන්වාදී තිබෙනවා. "රෙයිනස්ට්" නමින් හදුන්වා තිබෙන මේ දත් බුරුසුවේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියක් හයලක්ෂ හැත්තෑ හයදහසක් පමණ වෙනවා. මේ දත් බුරුසුව නිපදවලා තියෙන්නේ ලෝහයෙන්. ටයිටේනියම් බැක්ටේරියා නාශක ගුණයෙන් ඉතා ඉහල නිසා මෙය මුඛ සෞඛය ඉතා ඉහලින්ම රකිනවා. මේ දත් බුරුසුවේ හිස අවශ්‍ය වෙලාවට මාරු කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ටයිටේනියම් බද ජීවිත කාලයේම භාවිතා කරන්න පුළුවන් අතර, ඒ සදහා ජීවිත කාලයක වගකීමක්ද සපයා තිබෙනවා. කෙසේ වෙතත් ලොව මිල අධිකම දත් බුරුසුව ලෙස මෙය වාර්තා පොතට එක්වනවා.





