-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මිහිපිට ජීවත් වූ විශාලතම සත්වයා ලෙස සැලකිය හැකි දැවැන්ත ඩයිනසෝරයෙකුගේ ඇට කැබලි ආර්ජන්ටිනාවෙන් සොයාගෙන තිබෙනවා. ආර්ජන්ටිනාවේ පැටගෝනියා ප‍්‍රදේශයේ කාන්තාර බිමකින් හමුවු මෙම ඩයිනසෝරයා දිගින් මීටර් 40 ක් පමණ වන බව විද්‍යාඥයන්ගේ අදහසයි. සත්වයාගේ වලිගය පමණක් දිගින් මීටර් 20 ක් වන අතර, ටොන් 77 ක බරකින් යුක්ත වන බව සඳහන්. එය අපි‍්‍රකානු ඇතුන් 14 දෙනෙකුගේ බරට සමාන වන අතර, මෙතෙක් වාර්තා වූ විශාලතම ඩයිනසෝරයාට වඩා ටොන් 7 ක බරකින් යුක්තයි. මෙම ඩයිනසෝරයාගේ ඇට කැබලි 150 ක් පමණ සොයාගෙන ඇති අතර, ඒවා සත්වයාගේ ස්වරූපය නිර්ණය කළ හැකි ආකාරයෙන් පැවතීමද විශේෂත්වයක්. ශාක කොටස් පමණක් අනුභව කළ මෙම දැවැන්ත ඩයිනසෝරයා පැටගෝනියා වනාන්තරවල මීට වසර මිලියන   100 කට පමණ පෙර ජීවත් වූ බව විශ්වාස කෙරෙනවා.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos