බුත්තල නගරයේ උපකාරක පන්තියකට පැමිණි තරුණියක් (27දා) සවස කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බව පවසමින් ඇයගේ මවුපියන් බුත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
බුත්තල නගරයේ පෞද්ගලික පන්තියකට ගිය දියණිය සවස නිවෙසට නොපැමිණි බවත්, ඇය කිසියම් ස්ථානයක රඳවාගෙන සිටින බවට දුරකතනයෙන් ඇය තමන්ට දැනුම් දුන් බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
අවුරුදු දහ අටයි මාස එකොළහක් වයසැති මෙම තරුණිය සොයා ගැනීම සඳහා බුත්තල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.