-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලුත්ගම දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අද අළුයම 12.50ට පමණඅනතුරක් සිදුවු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
අනතුරට ලක්ව ඇත්තේ අලුත්ගම සිට මරදානට පැමිණිමට නියමිතව තිබු දුම්රිය සහ ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් ඉන්ධන ප‍්‍රවාහනය කරන දුම්රියයි.
අලුත්ගම සිට මරදානට පැමිණිමට නියමිතව තිබු දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබියදි පිටුපසින් පැමිණි අනෙක් දුම්රිය එහි ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
පුද්ගල හානි නැහැ :
කෙසේවෙතත් අනතුරින් කිසිඳු පුද්ගලයෙකුට හානි සිදුව නොමැත.
අනතුර සිදුවන විට ඉන්ධන ප‍්‍රවාහනය කරන දුම්රියේ ඉන්ධන නොතිබීම හේතුවෙන් සිදුවිමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බව දුම්රිය පාලක මැදිරියේ නිලධාරියකු පැවසිය.
අනතුරත් සමග අලුත්ගම සිට මරදානට පැමිණිමට නියමිතව තිබු දුම්රිය පීලි පැන ඇත.
අනතුරට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණ වී නොමැති අතර, දුම්රිය බලධාරීන් සහ පොලිසිය එම ස්ථානයට ගොස් මේ වන විටද පරික්‍ෂණ ආරම්භ කර තිබේ.
අනතුර හේතුවෙන් අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය වන දුම්රියන්ගේ ප‍්‍රමාදයක් ඇති නොවන බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
කෙසේවෙතත් මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට අලුත්ගම දක්වා දුම්රිය ධාවනයට මෙමඟින් බාධාවක් සිදුව ඇති බව වාර්තාවේ.
පොතුහැර දුම්රිය අනතුර සිදුවී සතියයි:
මෙම අනතුර වාර්තාවුයේ ඉකුත්දා පොතුහැර දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී සතියකට පසුවය.
ඉකුත් 30 වැනිදා රජරට රැජිණ දුම්රිය සහ දැයට කිරුළ දුම්රිය එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවු අතර, එහිදී තුවාල ලැබු සංඛ්‍යාව 68කට අධිකය.
මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසුවේ පොතුහැර අනතුර සම්බන්ධයෙන් වැරදිකරුවන්ට තරාතිරම නොබලා නිසි දඩුවම් ලබාදෙන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos