-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිරූපිකාවකට පහර දී ඇය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ඉන්දෙර් කුමාර් සාරෆ් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චිත්‍රපටයක අවස්ථාවක් ලබා දෙන බව පවසමින් අදාළ නිරූපිකාව රවටා ඔහු ඇය දූෂණය කර ඇති බව ය.
පසුගිය දිනක ඉන්දෙර් කුමාර් අදාළ නිරුපිකාව නගරාසන්නව පිහිටි ඔහුගේ නිවසට කැඳවා ඇති අතර එහිදී ඔහු ඇයට මත්පැන් බෝතලයකින් දමා ගැසූ බවට ද ඇය පොලීසියට පැමිණිලි කර ඇත.
ඉන්දෙර් කුමාර් අදාළ නිරූපිකාවගේ සිරුර දුම්වැටියකින් පුළුස්සා ඇති බව ත් ඒ බව සානාථ කෙරෙන තුවාල ඇයගේ සිරුරේ දක්නට ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසු අදාළ නළුවා නිරුපිකාවට නිවසින් පිටව යාමට ඉඩ දී නොමැති අතර ඇය කෙසේ හෝ උපක්‍රමශීලිව නිවසින් ඉවතට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.
මේ අතර පසුගිය දිනක කුමාර් සහ ඔහුගේ බිරිඳ වන පල්ලවි අතර වර්සෝවාහි පිහිටි පල්ලවී ජීවත් වන  නිවසේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
එහිදී පල්ලවි  වර්සෝවා පොලිස් ස්ථානයට ගොස් සිය සැමියා වෙනත් කාන්තාවක සමග සම්බන්ධතාවක් පවත්වන බව පවසමින් පැමිණිල්ලක්  කර තිබේ.
කෙසේ වෙතත් පසුව අදාළ නළුවා ද පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පොලීසිය මැදිහත්ව ගැටලුව සමතයකට පත් කර දෙදෙනා නැවත නිවස් වෙත හරවා යවා ඇත.
මෙම සිද්ධියෙන් පසු අදාළ නළුවා ඒ පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා 23 හැවිරිදි නිරුපිකාව නිවසට කැඳවා ඇති බවත් එහිදී ඇය අදාළ සිද්ධියට මුහුණ පා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අත්අඩංගුවට පත් කුමාර් වෝන්ටඩ්, මා තුජේ සලාම්, කිලාඩියොන් කා කිලාඩි, බාගි, මසුම් ඇතුළු චිත්‍රපට  රැසකට රංගනයෙන් දායක වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos