-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 අතුරුදන් වූ අවස්ථාවේදී හඳුනා නොගත් යානාවක් මැලේසියානු අහසේ තිබූ බව එරට ගුවන් හමුදා යානාවක් විසින් නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ.

මැලේසියානු අගමැති නජිබ් රසාක් විසින් මේ බව හෙළි කර තිබේ.  කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ මෙය MH370 මද හෝ වෙනත් යානාවක්ද යන්න සැක සහිත බවයි.

ගුවන් යානය සොයා සිදුකෙරෙන විමර්ශන වලදී රජයේ පාර්ශ්වය වෙත ඒවායේ විනිවිද භාවය සම්බන්ධව චෝදනා පැවරී ඇති බවද පැවසේ.  මේ අතර මෙතෙක් සිදුකළ විමර්ශනයේ මූලික වාර්තාවක් ලබන සතියේදී එළි දැක්වීමට සූදානම් වන බවද අගමැතිවරයා පවසා තිබේ.

එළි දක්වන්නට පෙර එම වාර්තාව අභ්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක විශේෂඥයින් වෙත ඉදිරිපත් කරනු ඇති බවද ඔහු පවසා ඇත.

මේ වන විටත් එය ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය වෙත යවා ඇතැයිද වාර්තා වේ.  යම් ගුවන් යානා අනතුරකින් පසු අදාළ රාජ්‍යය විසින් දින 30ක් තුළ එම සංවිධානය වෙත වාර්තාවක් ලබාදිය යුතුය.

මේ අතර ගුවන් යානය සොයමින් සෝදිසි මෙහෙයුමක නිරතවූ ජාත්‍යන්තර ගවේෂණ කණ්ඩායම මෙතෙක් MH370 හි ඡයාවක් වත් සොයාගැනීමට අසමත්වී තිබීම සමග දැඩි අසීරුතාවයකට ලක්ව ඇතැයි පැවසේ.
යානය සෙවීම සඳහා වසර ගණනාවක් පවා ගත වීමට ඉඩ ඇති බවද ඇතැමුන් පවසති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos