-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා ගැනීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනයක් යොදා ගැනීමට දැරූ තෙවන උත්සාහය සාර්ථක වී තිබේ.
කාර්මික දෝෂ මතු වීම නිසා මීට පෙර දැරූ උත්සාහයන් දෙක ම අසාර්ථක විය.
මෙම රොබෝ සබ්මැරීනය මගින් මේ වන විට සෝදිසි මෙහෙයුම් සීමා කර ඇති ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 90ක් පමණ වූ මුහුදු පතුල පරීක්ෂා කර තිබේ.
එහෙත් මේ වන තෙක් සැලකිය යුතු හෝඩුවාවක් දැන ගන්නට ලැබී නැතැයි මැලේසියානු ගමනාගමන ඇමති හිෂමුද්දීන් හුසේන් පවසයි.
රොබෝ සබ්මැරීනය මුහුදු පතුලේ පැහැදිලි දර්ශන ලබා දී ඇති නිසා ඉදිරි නිරීක්ෂණ කටයුතු පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බව ඔහු සඳහන් කළේ ය.
බ්ලුෆින් 21 නමැති කුඩා ප්‍රමාණයේ මෙම සබ්මැරීනයට සාගරයේ අඩි පහළොස් දහසක් ගැඹුරට ගමන් කළ හැකි බව පැවසේ.
මේ අතර, ඉන්දීය සාගරයේ නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන කලාපයේ තිබුණු තෙල් පැල්ලමෙන් ලබා ගත් සාම්පලය පරීක්ෂා කර ඇති නමුත් එය අතුරුදන් වූ යානයෙන් පිට වූ තෙල් නොවන බවට තහවුරු වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos