අන්තර්ජාතික පන්දුවාර විස්සයි විස්ස තරගවලින් සමුගැනීමේ ලිපිය කුමාර් සංගක්කාර විසින් අද ක‍්‍රිකට් ආයතනය වෙත භාර දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය ප‍්‍රකාශ කළේ නවක ක‍්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් විස්සයි විස්ස තරගවලින් සමුගැනීමට තීරණය කළ බව අදාළ ලිපිය මගින් සංගක්කාර ප‍්‍රකාශ කර ඇති බවයි.
මහේල ජයවර්ධන ද පන්දුවාර විස්ස අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවලින් සමුගන්නා බව ඉකුත්දා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා.