ගූගල් සමාගම විසින් නිෂ්පාදනය කළ රියදුරු රහිත මෝටර් රථ කැලිෆෝනියාවේ වීදිවල පරීක්ෂණ ධාවනයට එක් කර ඇතැයි වාර්තා වේ.
2009දී ආරම්භ කර ඇති මෙම ස්වයං ධාවන මෝටර් රථ ව්‍යාපෘතිය විසින් කැලිෆෝනියාව තුළ සැතපුම් ලක්ෂයක් පමණ ධාවනය කර ඇති අතර ටොයෝටා ප‍්‍රියස් හා අවුඩි ටීටී මෝටර් රථ සමග අත්හදා බලා ඇතැයි පැවසේ.
මේ වන විට පරීක්ෂණ ධාවනයට එක් කර ඇති ලෙක්සස් හයිබි‍්‍රඞ් රථ 24කට වැඩි ප‍්‍රමාණයක් විසින් ස්වයං ධාවනය තුළ සැතපුම් ලක්ෂ 70ක් පසුකර ඇතැයි ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙම ගූගල් ස්වයං ධාවන මෝටර් රථ ව්‍යාපෘතිය රහසිගත ගූගල් එක්ස් පරීක්ෂණාගාරයේ කොටසක් වන අතර ව්‍යාපෘති අධ්‍යක්ෂක ක‍්‍රිස් අර්ම්සන් පවසා ඇත්තේ පසුගිය වසර මුළුල්ලේම කැලිෆෝනියා නගරයේ රියදුරකු මුහුණ දෙන අත්දැකීම් වල මෘදුකාංග මාදිලි නිර්මාණය කළ බවයි.
රතු එළිය ඉදිරියේ නැවතීමේ සිට සංඥා ලාම්පුව කඩාගෙන ඉදිරියට යාම ආදී අත්දුකීම් මේ හරහා ක‍්‍රමලේඛගත කර ඇතැයි ඔහු පවසා තිබේ.
වෙනත් නගරයකට යාමට පෙර ගූගල් මූලස්ථානය පිහිටා ඇති මවුන්ටන් වීව්හි තවතවත් වීදි වල ධාවනය කිරීමට මෝටර් රථ වලට කියාදිය යුතු බව පවසා ඇති ඔහු අවධාරණය කර ඇත්තේ විසඳිය යුතු ගැටළු බොහෝ පැවතියද දෙවසරකර පෙර නොහැකි වනු ඇතැයි විශ්වාස කළ බොහෝ දේ මේ වන විට අත්පත් කරගෙන ඇති බවයි.