ශ‍්‍රි ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ හෝටලය සඳහා කැසිනෝ සූදුව පවත්වා ගෙන යෑම සඳහා නීතිමය අවසර ලබාදෙන බව ශ‍්‍රී ලංකා රජය විසින් එක එල්ලේ නොපැවැසීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය සඳහන් කරන්නේ පැකර් සිය ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත ගෙන යෑමට තීරණය කර ඇති බවයි.