-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අද (30) උදෑසන 6.50ට පමණ කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ රියදුරු සංඥාවලට එරෙහිව දුම්රිය ධාවනය කිරීම පොතුහැර අනතුරට හේතුවිය හැකියැයි තමන් සැක කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. 

මේ අතර මෙම අනතුර ගැන සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පැවසීය. 

එය මෙරට වැඩිම අලාභ හානියක් සිදුවූ දුම්රිය අනතුර බවද හෙතෙම කියා සිටියේය. කෙසේ වුවද අද උදෑසන වූ එම අනතුර නිසා දළ වශයෙන් රුපියල් කෝටි 10ක පමණ අලාභයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරාංචි මාර්ග පවසයි. 

දුම්රිය මැදිරි 2ක් හා එංජින් 2ක් මෙම අනතුරින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 

මේකී අනතුරින් දුම්රිය සිල්පර කොට තුන්සීයකට අධික සංඛ්‍යාවක් යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරු කියයි. 

පොතුහැර දුම්රිය ස්ථානයේදී අද (30) පෙරවරුවේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් මගීන් 45 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. 

කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්විය. 

වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටීමෙන් අනතුර විය. 

මෙම අනතුරත් සමග දුම්රිය මැදිරි අඩි 20ක් පමණ දුරට විසිවී ගොස් ඇති අතර මැදිරි 2ට හා එංජින් 2ට දැඩි හානි සිදුව ඇත. 

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය පොල්ගහවෙලට පමණක් සීමා කර ඇති අතර වව්නියාවේ සිට දුම්රිය ධාවනය කුරුණෑගලට සීමා කර ඇත. 

එසේම බාධා එල්ල වී ඇති උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිනක පමණ කාලයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos