-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඉන්ධන ආනයනය කිරීම අඩුකර ගැනීමේ අරමුණෙන් ඉදිරි අයවැයෙන් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන සඳහා රජය වැඩි සහන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්, කීර්ති ගුණවර්ධන මහතා අප සමග පැවසුවේ විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි තම සංගමය පසුගියදා මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගනු ඇතැයි දැඩි බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පසුගියදා විශේෂ තීන්දුවක් ගනිමින් ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළේය.
මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රටපුරා පිහිටි සිපෙට්කෝ පිරවුම්හල් 50 ක ආරෝපණය කිරීමේ යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මෙහිදී ලංකා වාහන ආනයනය කිරීමේ සංගමය ඉල්ලා තිබුණි.
‘ජපානයේ ආයතන වලින් මෙම ආරෝපණය කිරීමේ යන්ත්‍ර අපිට ලබාගන්න පුළුවන්. රජයෙන් අපි ඉල්ලා සිටියේ ඒවා බදු සහන මත මෙරටට ගෙන්වීමටත් ඒවා සිපෙට්කෝ පිරවුම්හල්වල සවි කිරීමටත් අවස්ථාව දෙන්න කියලයි’
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා අප සමග පැවසීය.
මේ වනවිට, දෙමුහුන් හෙවත් හයිබ්‍රීඩ් මෝටර් රථ මෙරට වඩාත් ප්‍රචලිත වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos