-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නාවල කොස්වත්තේ පිහිටි  ගේට්වේ ජාත්‍යන්තර පාසැල මේ වනවිට වලංගු අවසර පත්‍රයක් නොමැතිව ඉදිකරගෙන යන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් නවතන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී ඇති තීන්දුව නොසලකා හරිමින් එම ආයතනය අධිකරණයටද අපහාස වන අයුරින් එම ඉදිකිරීම කරගෙන යමින් තිබේ. 

2008 වසරේ පෙබරවාරි මස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවෙන් ලබාගන්නා ලද අංක ME/BA/N/09/08 දරණ ඉදිකිරීමේ බලපත්‍රයක් ඔවුන් සතු වුවද එය 1986 මාර්තු 10 වනදා ප්‍රකාශ කරන ලද අංක 392/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව එම බලපත්‍රය වලංගු අවුරුද්දක කාලයකට පමණි. අංක ME/BA/N/09/08 දරණ ඉදිකිරීමේ බලපත්‍රය 2008 පෙබරවාරි මස නිකුත්කර තිබුනද 2013 පෙබරවාරි මාසයේදී මෙය සෑදීමට පටන්ගෙන ඇත. එම තත්ත්වය නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව නීති විරෝධී කටයුත්තකි. 




නාගරික සංවර්ධන අධිකාරී පනත. 


ඊට අමතරව 2008 අප්‍රේල් මාසයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ 2008-2020 සංවර්ධන සැලැස්මට අනුව ද  අදාළ භූමිය අයිති ප්‍රදේශය අධිනේවාසික කලාපයක් ලෙස නම් කර ඇති අතර එහි සඳහන් අවසර දෙනු ලබන ඉදිකිරීම් අතර පිහිනුම් තටාක නම් කර නොමැත.


කෝට්ටේ මහ නගර සභාවේ 2008-2020 සංවර්ධන සැලැස්මෙහි අදාල පිටුව.


මේ ඉදිකිරීම  සඳහා නියමිත රෙගුලාසිවලට අනුව අවශ්‍ය කිසිදු ලියවිල්ලක් ලබාගෙන නොමැති බවට පරිසර අධිකාරියද ලිපියක් මගින් සහතික කර ඇත.



පරිසර අධිකාරියෙන් නිකුත් කරන ලද ලිපිය.


මෙම ඉදිකිරීම නිසා අගතියට පත්වන අසල්වැසියකු විසින් පවරණ ලද නඩුවක් විභාග කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය 2013 දෙසැම්බර්  05 වන දින මෙම ඉදිකිරීම දිසාධිකරණයේ පවරා ඇති නඩුව අවසන් වන තෙක් සම්පූර්ණයෙන් නතර කරන ලෙස නියෝග කර ඇත.

නමුත් ගේට්වේ ආයතනය වෙනුවෙන් පෙනී සිටි අරුල්ප්‍රගාසම් නීතඥ සමාගම සහ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා විසින් එම වාරන නියෝගය වෙනස් කර දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2014 මාර්තු 10 දින වනවිට දමා තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ ටයිල් ඇතිරීමට පමණක් ඉඩදී ඇති අතර මෙය හැර කිසිදු අලුත් ඉදිකිරීමක් සිදු නොකරන ලෙස නියෝග කර ඇත.


එසේ තිබියදී මෙයට සම්බන්ධ අධිකරණයන් නිවාඩු සඳහා  වසා දැමීමෙන් පසු මොවුන් විසින් කොන්ක්‍රීට් දමා ඉදිකිරීම් කටයුතු කරගෙන යන ආකාරය පහත පින්තූර මගින් දක්වා ඇත.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos