16 හැවිරිදි බාල වයස්කාර දැරියක සමග පවුල් ජීවිතයක් ගත කොට පසුව ඇය ඝාතනය කළ බව කියන සිද්ධියක සැකකාර ස්වාමියා,පියා සහ යහළුවෙකු එළඹෙන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අද (09)ඇල්පිටිය මහේස්ත්‍රාත් කේෂර සමරදිවාකර මහතා විසින් මෙම තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
පුද්ගලයෙක් ඇල්පිටිය-ඇල්ල,පුවක්දොඩැල්ල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක සමග වසර 2ක පමණ කාලයක් අඹුසැමි සබඳතා පවත්වා තිබේ.
පසුව කිසියම් සිදුවීමක් හේතුවෙන් ඉකුත් මාර්තු මස 25 වන දින ඇය ඝාතනයට ලක්ව ඇති අතර මළ සිරුර හමුවී ඇත්තේ අප්‍රේල් මස 05 දා බැව් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම මරණයට අදාළව ඇයගේ ස්වාමියා බව කියන තරුණයෙකු,ඔහුගේ මිතුරෙකු සහ පියා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම තිදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එදිනට සැකකාර ස්වාමියාගේ මිතුරා විසින් මෙම ඝාතනයට අදාළව පාපොච්චාරණයක් සිදුකිරීමට නියමිත බැව් කියැවෙයි.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.