-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නවතම පන්දු යැවීමේ උපක‍්‍රමය නිසා පන්දු වාර 20-20 ක‍්‍රිකට් ක‍්‍රීඩාව බරපතල අනතුරකට මුහුණ දෙනු ඇතැයි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි පවසයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ අවසන් තරඟයේ අවසන් පන්දු වාර හතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවූ ආකාරය ගැන පුදුමයට පත් වන බවයි.

‘අපි තරගයට පිවිසියේ මන්දගාමීවයි.  නමුත් 14 වැනි පන්දුවාරය වන විට කඩුලූ 2ක් දැවී ලකුණු 93ක් රැස්කොට ලකුණු අතර සිටින විරාත් කෝලිද සමග යහපත් තත්ත්වයක හිටියා. නමුත් ප‍්‍රහාරක පිතිකරුවෙකු  වූ යුවරාජ් සිංට ලකුණු ලබාගැනීමට වගේම විරාත් කෝලිට අන්තය ලබාදීමටත් බැරිවුණා.  මේ නිසා අපට අවසන් පන්දුවාර හතරේදී ලැබුණේ ලකුණු 19ක් වීමත් පරාජයට බලපෑවා.

අපිට අවසන් පන්දුවාර හතරේදී අපේ බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරි වුණා.  ඇත්තෙන්ම එහි ගෞරවය හිමිවිය යුත්තේ ලසිත් මාලිංගට සහ නුවන් කුලසේකරට. ඔවුන් දෙදෙනාම පිට ඉන්නට පිටතින් යෝකර් පන්දු යවා සාර්ථකව අපේ ප‍්‍රහාරය මැඩපැවැත්වුවා. ඒක ඔවුන්ගේ අලූත්ම උපක‍්‍රමයක්.  කොහොම නමුත් එක් පන්දුවාර 20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පිතිකරුවන්ගේ අනාගතයට කරන ලද අනතුරු ඇගවීමක් හැටියටත් හදුන්වන්න පුළුවන්’ යයිද ඉන්දීය නායකයා පවසා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos