ශ්‍රී දේවියගේත්, කාජල්ගේත්, මධුරි ඩික්සිත්ගේත් Bollywood සිනමාවේ දෙවනි ගමනට පසු අයිශ්වර්යා රායිගේ නැවත පැමිණීම සිදුඋනා.. අයිශ්වර්යා Bollywood සිනමාවට මුලින්ම පිවිසුනේ මනි රත්නම් ගේ ‘ඉරුවර්’ Film එකෙන්. අයිෂ් දෙවැනි ඉනිම අරඹන්නේ ද මනි රත්නම්ගේම Film එකකින්මයි. ත්‍රාසජනක Film එකක් වන එහි ඇයගේ පෙම්වතා වෙන්නේ අභිෂේක් බච්චන් නම් නෙවෙයි.. නාගර්ජුන හා මහේෂ් බාබු මේ Film එකේ ප්‍රධාන චරිත වලට පෙනී සිටිනවා. අයිෂ්ගේ දෙවැනි ගමනගැන මනිරත්නම්ගේ බිරිඳ සුහාසිනි නිල නොවන මට්ටමින් ප්‍රකාශ කරලා තියනවා. සෘති හසන්ට දෙවැනි ප්‍රධාන නිළි චරිතය රගපාන්න අවස්තාව ලැබිලා තියනවා. ඇයගේ (අයිෂ්ගේ) දෙවැනි සිනමා ගමන ගැන බොහෝ කතා මේ වන විට පැතිරී ගොස් අවසන්ය. එහෙත් මනි රත්නම්ගේ බිරිඳ කියන කතාව ඒ සියලු කතාවලට වඩා සැබෑවක් විය හැකිය.