කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පස් දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී සේනක දමයන්ත මහතා ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. ඉකුත් 15 වැනිදා මොරටුමුල්ල ප‍්‍රදේශයේ දී සැකකාර මන්ත‍්‍රීවරයා මෙම පහරදීම සිදුකළ බවටයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ. ඒ අනුව ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට පත්වුණා.
සැකකරු මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහැරී බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. මන්ත‍්‍රීවරයාට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව් දෙනෙකු ද මෙහිදී ඇපමත මුදා හැරුණා.