-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ නිරික්‍ෂණ චාරිකාවකට එක්වු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසට එහිදී ප‍්‍රහාරයක් එල්ලවුණා. මත්තල දී රැස්ව සිටි පිරිසක් ඔවුන්ට බැන වදිමින් තර්ජනය කළ අතර හම්බන්තොට දී මන්ත‍්‍රී කණ්ඩායමට බිත්තර ප‍්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා. මන්ත‍්‍රීවරුන්ගේ මෙම නිරික්‍ෂණ චාරිකාවේ අරමුණ වුයේ අදාල ව්‍යාපෘති සඳහා ජනතා මුදල් වැයකර ඇති ආකාරය පිළිබඳ සොයා බැලීමයි. පළමුව පස්වරු 01.30ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි මන්ත‍්‍රී කණ්ඩායම එහි කටයුතු පිළිබඳ සොයා බැලූවා.

යළි පැමිණෙමින් සිටි ඔවුන්ට ගුවන් තොටුපලේ මගී පර්යන්තය අසල රැස්ව සිටි පිරිසක් විරෝධය පළකළා. එහිදී එම පිරිස මන්ත‍්‍රී කණ්ඩායමට හූ කියමින් පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි කියා සිටියේ. සිද්ධියට මුහුණ පෑ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා ඒ පිළිබඳ පැහැදිලි කළා.

පසුව මන්ත‍්‍රී කණ්ඩායම හම්බන්තොට වරායේ ද නිරික්‍ෂණ චාරිකාවකට එක්වුණා. එය අවසානයේ යළි පැමිණෙමින් සිටි අවස්ථාවේ රැස්ව සිටි පිරිසක් ඔවුන්ට පහරදුන් බවයි වාර්තාකරු පැවසුවේ. 

මෙම නිරික්‍ෂණ චාරිකාවට එක්ව සිටියේ අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම,  එරාන් වික‍්‍රමරත්න, නලින් ජයමහ සහ ආර්. යෝගරාජන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 05 දෙනයි.  

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos