-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නියෝජිත තැපැල් කාර්යාලවලින් සාමාන්‍ය රජයේ තැපැල් කාර්යාලවලින් ලබාගත හැකි ඇතැම් සේවා ලබාගැනීමට හැකියාවක් නොලැබෙයි. මේ නිසාම නියෝජිත තැපැල් කාර්යාල හිමිකරුවන් තම සේවා දිගු කරගැනීම සඳහා අපේක්ෂාවෙන් සිටියි. ඒ පිළිබඳව නියෝජිත තැපැල් කාර්යාල හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් ප්‍රසන්න මහතා මෙලෙස අදහස් දැක්වීය. -
“ලංකාව පුරා පවතින නියෝජිත තැපැල් කාර්යාල සියල්ලම පාහේ රාත්‍රී කාලයේ පවා විවෘතව තැබෙනවා. රජයේ තැපැල් කාර්යාලවල පවතින සේවා අපේ කාර්යාලවලත් පවතිනවානම් මිනිස්සුන්ට වඩාත් හොඳ සේවාවක් අපට දෙන්න පුළුවන්. විශේෂයෙන් බැලුවොත් තැපෑල කියන එක ලාභ ලබනවාට වඩා පාඩුනේ ලබන්නෙ. අපිට ඒවා කතාකරන්න බැහැ. නමුත් අපේ අදහස ගැන බැලුවොත්, උදාහරණ විදියට රාත්‍රී කාලයේදී රියදුරෙකුට ලැබෙන දඩ කොළයක් ගෙවන්න වෙනත් දවසක එන්නෙ නැතිව එවෙලේම කරගන්න අවස්ථාව හිමිවෙනවා.
නියෝජිත තැපැල් කාර්යාල රාත්‍රියේදීත් විවෘත නිසා. දැන් මිනිස්සුන්ට රාත්‍රී කාලයේ දුරබැහැර ප්‍රදේශයකදි දඩයක් ලිව්වොත් නැවත ඒ ප්‍රදේශයට වෙනමම දවසක එන්න වෙනවා දඩය ගෙවන්න. ඒ පහසුකම අපේ ආයතනවලටත් ලබාදෙනවා නම් මිනිස්සුන්ට පහසුවක් ලැබෙනවා.
ඒ වගේම වතුර බිල, විදුලි බිල, දුරකතන බිල ගෙවීමේ හැකියාවත් නියෝජිත තැපැල් කාර්යාලවලට ලබාදෙනවානම් කාර්යාල වේලාව නිමවී නිවෙස්බලා රාත්‍රියේ එන අයට පහසුවක් වේවි. නැත්නම් ඔවුන්ට ඒ සඳහා නිවාඩු ලබාගැනීමට සිදුවෙනවා.”

රජයේ තැපැල් කාර්යාල සේවා සියල්ල නියෝජිත තැපැල් කාර්යාලවලටත් ලබාදීමට පියවර ගතහොත් එය අර්බුදකාරී තත්ත්වයක් මැවීමට හේතු වේවි නේද?

මම එහෙම හිතන්නෙ නැහැ. නියෝජිත තැපැල් සේවාව රාත්‍රියට ලබාදෙන සේවාව රාජ්‍ය තැපැල් සේවාව හරහා ලබාදෙන්න ගියොත් අතිකාල දීමනා ලබාදෙන්න සිද්ධවෙනවා. නමුත් අපි අපේ වියදමින් ඒ සේවා සපයනවා. තැපෑල වාර්ෂිකව බිලියන දෙකක් විතර පාඩු ලබනවා. ඉතින් එහෙම පාඩු ලැබුවත් මුද්දර ගාස්තුවවත් වැඩි කරලා නැහැ අවුරුදු 6 කින් විතර. ඉතින් ගාස්තු වැඩි නොකර සේවාව පවත්වාගෙන යනකොට භාණ්ඩාගාරයෙන් සල්ලි අරන් තමයි සේවාව පවත්වාගෙන යන්න වෙන්නෙ. ඉතින් අපි අපේ වියදමෙන් පැය 24 පුරා සේවාකරගෙන යන එක ගැටලුවක් ඇතිකිරීමට හේතුවෙන එකක් නැහැ.

එහෙනම් ඇයි මේ දක්වා එම සේවා නියෝජිත තැපැල් කාර්යාලවලට ලබාගැනීමට නොහැකි වුණේ?

අපි ඉල්ලීම් කළා. තවමත් සාකච්ඡා පවත්වාගෙන යනවා. තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් භාණ්ඩාගාරයේ ප්‍රශ්න හා වෙනත් ගැටලු නිසා තවම අනුමැතිය ලැබී නැහැ. නියෝජිත තැපැල් කාර්යාල කියන්නෙ නිකන්ම ඇතිවූ ඒවා නෙමෙයි. කැබිනට් අනුමැතියකින් තමයි රාජ්‍ය ආයතන හා සම්බන්ධව වැඩකරගෙන යන ලෙස මෙම සේවාව ආරම්භ කළේ. එතකොට රාජ්‍ය තැපැල් සේවාවෙයි, අපේ සේවාවෙයි වෙනස වෙලා තියෙන්නෙ අපේ ආයතනවලට සපයන්න ලැබෙන සේවා ප්‍රමාණය අඩුකමයි.

රාජ්‍ය තැපැල් ආයතනයක් සපයන සේවා සැපයීම ආරම්භ කළ පසු සමස්ත සේවාවටම බලපෑම් කිරීමට අනාගතයේදී නියෝජිත තැපැල් කාර්යාල උත්සාහ ගනීවිද?

දැනටමත් අපි දෙගොල්ලගේම සේවාව එකටයි යන්නෙ. කිසිම ගැටුමක් මෙතන නැහැ. එකම දේ පාරිභෝගිකයන්ට ලැබෙන පහසුව විතරයි. මේක අපේ රටේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. අපේ වෙනස තියෙන්නෙ රජයේ ආයතනය වේලාසනින් සේවය අවසන් කරනවා. අපි අපේ සේවාව වැඩිදුරටත් රාත්‍රී කාලය දක්වා සිදුකරනවා. ඒ සඳහා යන වියදම් අපියි දරන්නේ. අපිට රජය වියදම් දරන්නේ නැහැ. ඒකෙන් රජයට ලාභයක් ලැබෙනවා. අපි වෙනුවෙන් ආයතන වියදම්, ලයිට් වතුර වියදම් ගෙවන්නවත්, පඩිනඩි ගෙවන්නවත් රජය මැදිහත් වෙන්නෙ නැහැ. අපේ ආයතන ලංකාව පුරා 500 ක් විතර තියෙනවා. එතකොට ලංකා රජයට මිලියන ගාණක ලාභයක් ලැබෙනවා.

තැපැල් සේවා අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු

නියෝජිත තැපැල් කාර්යාලවලට රජයේ තැපැල් කාර්යාල සපයන සේවා සැපයීමට අවස්ථාව ලබාදීමට මම ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි. තැපැල්පතිතුමත් එයට විරැද්ධ නැහැ. නමුත් අපට භාණ්ඩාගාරයත් සමග සාකච්ඡා කරලා තමයි අවසන් තීරණයක් ගන්න පුළුවන් වෙන්නෙ. මොකද මේක සංස්ථාවක් හෝ අධිකාරියක් නොවෙයිනේ. මේක දෙපාර්තමේන්තුවක් නිසා අපි අදාළ සාකච්ඡාවට ගතයුතු ලිපිලේඛන දැන් සකසමින් සිටිනවා. මම 100% ක් ඔවුන්ගේ ඉල්ලීමට එකඟයි. අපේ පාඩු ලබන තැපැල් කාර්යාල වහලා ඒ වෙනුවට නියෝජිත තැපැල් කාර්යාල අරින්න පුළුවන් නම් ඒකටත් මම කැමතියි.
අපි අතර ගැටුමක් ඇතිවේවිද යන්න නෙමෙයි මෙතන බලන්න ඕන. දැනටත් නියෝජිත තැපැල් කාර්යාල 400කට වඩා තියෙනවා. ඒ අය පාඩුවේ වැඩකරගෙන යනවා. අපි අපේ වැඩ කරගෙන යනවා. අපි දෙගොල්ලන්ගේ එකම වෙනස තමයි අපි සියලුම තැපැල් කාර්යාලවලින් පාඩු ලබනකොට ඒ අය කාර්යාල 400 න් ලාභ ලබනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos