-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේ ඕනෑම දේශපාලඥයෙකුගේ අවධානය නිතැතින්ම දිනාගැනීමට සමත් ඔහු නමින් සිඔන්ගාකා චානා ය. බහුභර්යා සේවනයේ යෙදෙන මේ ග්‍රාම නායකයා, මිසෝරම් ප්‍රාන්තයේ ජීවත් වන්නේ බිරින්ඳෑවරු 39ක් හා දරු මුණුපුරන් 127ක් සමගිනි.  
මිසෝරම් ප්‍රාන්තයේ, අයිසාවාල්හි බක්ටාවැන්ග් නගරයේ කාමර 100කින් යුතු මහල් නිවාසයක් බඳු වූ මොහුගේ නිවසේ ඒ සියලුම බිරින්ඳෑවරු හා දරු මුණුපුරන් සමගි සන්ධානයෙන් ජීවත්වීමම පුදුම එළවන සුළුය.
මේ වනවිට ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන නිසා පසුගිය සති කිහිපය පුරාවටම විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලඥයන්ගෙන් ඔවුන්ගේ පවුලට නිවනක් නොවීය. මන්දයත්, මෙකී මහල් නිවාසයේ වෙසෙන්නන්ගේ ඡන්දය මැතිවරණයක තීරණාත්මක ඡන්දයක් බවට පත්කළ හැකි නිසාය.
"සෑම මැතිවරණයකදීම අපේ ඡන්දය අතිශය වැදගත්. අප කෙරෙහි දේශපාලඥයන් දක්වන ලෙංගතුකම බොහෝ වැඩියි. ප්‍රාන්තයේ දේශපාලඥයන්ගේ ජයග්‍රහණය තීරණය කරන සාධකය අපේ පවුල වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඡන්ද සිය ගණන ගැන ඔවුන් බොහෝ බලාපොරොත්තු තබා සිටිනවා" යැයි චානා පවසයි.
චානාගේ භාර්යාවක වන රින්කිනී පවසන්නේ ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන ඕනෑම මැතිවරණයකදී පවුලේ සැවොම එකම පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය පාවිච්චි කරන බවය. එනම්, අඩුම තරමින් ඡන්ද 160ක් එක් පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සහතිකය.
මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන බොහෝ ඉන්දියානුවන් මෙන්ම චානා ද බලාපොරොත්තු වන්නේ පිරිසුදු රජයක් හා තම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් රටට සංවර්ධනයක් ළඟාකර ගත හැකි පාලනයකි.
"අපි හැමෝම බලාපොරොත්තු වන්නේ යහ පාලනයක්. දේශපාලඥයන්ගෙන් අපේ පවුලට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලින් තොරව ප්‍රාන්තය තුළ හොඳින් ජීවත්වීමට මඟක්." යැයි චානා පවසයි.
ලොව දැවැන්තම මහ මැතිවරණය ලෙස අදියර 9 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර ලෙස සිකුරාදා දිනයේදී චානා ජීවත්වන මිසෝරම් ප්‍රාන්තයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. ඒ අනුව, මෙවර චානා ප්‍රමුඛ දැවැන්ත පවුලේ ඡන්දය මිසෝරම් ප්‍රාන්තයෙන් තරග වදින පක්ෂවලට හා අපේක්ෂකයන්ට තවත් තීරණාත්මක අවස්ථාවක් වනු ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos