ඉදිරියට පළාත් සභාවේ මුදල් වියදමින් පළාත් සභාවල මැති ඇමතිවරුන් සහ නිළධාරීන් විදේශ සංචාරවලට යෑම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තහනම් කර තිබේ.
ජනාධිපතිවරයා මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය ඔස්සේ සියලූම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව විදේශ ව්‍යාපෘති ඔස්සේ පළාත් සභාවලට ලැබෙන මුදල් වැය කර හෝ විදේශ සංචාරවල යෙදීමට පළාත් සභාවේ මැති ඇමතිවරුන්ට සහ නිළධාරීන්ට සපුරා තහනම් වන අතර තම පෞද්ගලික මුදල් වැය කර විදේශ සංචාර සඳහා යාමට කිසිවෙකුට බාධාවක් නැත.