-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොතුහැර දුම්රිය ස්ථානයේදී අද උදෑසන සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පවසනවා. අනතුරට හේතුව කුමක්දැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ හැක්කේ එවැනි විමර්ශනයකින් බවයි

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.  


වව්නියාවේ සිට මාතරට ධාවනය වූ රජරට රැජිණ දුම්රිය සහ කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දැයට කිරුළ දුම්රිය මෙලෙස අනතුරට ලක්වුණා.

සිද්ධිය දුටුවෙකු පැවසුවේ රජරට රැජිණ දුම්රිය, දුම්රිය ස්ථානයේ නතර කර තිබියදී ඉදිරියෙන් පැමිණි දැයට කිරුළ දුම්රිය වේගයෙන් එහි ගැටුණු බවයි. ඒ සමග රජරට රැජිණ දුම්රියේ මැදිරි 5ක් පීලි පැනීමකටද ලක්වුණා. 


මෙම අනතුරින් තුවාල ලැබුවන් 70කට ආසන්න පිරිසක් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරුණු බවයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ. 

" අද උදෑසන 8.45ට පමණ පොතුහැර දුම්රිය ස්ථානය අසළ සිදු වූ මේ අනතුරෙන් මේ වන විට අට දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. ඉන් හතර දෙනෙක්ගේ තත්වය බරපතලයි. ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කරලා ශල්‍යකර්ම කරනවා. " 

කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තුවාලකරුවන්ගෙන් 45 දෙනෙකු තවදුරටත් එහි ප‍්‍රතිකාර ලබනවා. ඔවුන්ට කඩිනම් ප‍්‍රතිකාර ලබාදිම සඳහා එම රෝහලේ කෙරුණු සිය වැඩ වර්ජනයද තාවකාලිකව අත්හිට වූ බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. වැඩිදුර කරුණු දැක්වීම එහි සභාපති සමන්ත රත්නප‍්‍රිය මහතාගෙන්.

" සූතිකා පුහුණුව සපයන පුහුණුවීම්වලට දිගින් දිගටම රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අත්තනෝමතිකව බාධා කරනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් බළල් අතක් ලෙස යොදා ගෙනයි මේ දේ කරන්නේ. අපිට ප‍්‍රශ්නෙට සාධාරණ විසඳුමකුත් නැති නිසා කුරුණෑගල, කුලියාපිටිය, දඹදෙණිය, කාසල් වීදිය කාන්තා රෝහල අපි වැඩවර්ජනයකට යොමු කළා. නමුත් අද දවසේ සිදුවුන දුම්රිය අනතුරු දෙක නිසා ජනතාවට අවශ්‍ය සේවාව සපයනවා. "



මේ අතර අනතුර සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු ද පොතුහැරට ගොස් සිටිනවා. මේ එහි සිට නෙත් නිවුස් වෙත අදහස් දැක්වු දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර මහතා.


" අද උදේ පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියේ තවත් දුම්රියක් ගැටී අනතුරක් සිදුවුණා. ගොඩක් අය තුවාල ලැබුවා. දුම්රිය ධාවනය අඩාලයි. සවස් වන විට යථාතත්වයට පත්කරගන්න බලනවා. දුම්රිය මගීන්ට වන්දි ගෙවන්න කටයුතු කරනවා. කාගෙ වරදින් වුණාද කියලා තේරුම් ගන්න බෑ. "

මෙම දුම්රිය අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. මේ වන විට එහි ධාවන කටයුතු කොළඹ සිට පොල්ගහවෙලට සීමා කර ඇති බවයි පාලක මැදිරිය පවසන්නේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos