-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේදී වාර්තාකළ මෙහෙයුම් අලාභය 2012 වසර සමග සැසඳීමේදී විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
මේ අනුව, 2013 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 5.2 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබෙන අතර 2012 වසරේදී වාර්තා කර තිබුණේ රුපියල් බිලියන 3.8 ක මෙහෙයුම් අලාභයකි.
පසුගිය වසරේදී මගීන් විසින් මෙරට දුම්රිය සේවාවන් වැඩි වශයෙන් භාවිතා කර තිබුණත් දුම්රිය ඔස්සේ සිදුකර තිබෙන භාණ්ඩ ප්‍රවාහනය අඩුවී ඇත.
2013 වසරේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් 5.4 ක් දක්වා සියයට 11.8 කින් ඉහළ ගොස් තිබුණද මෙහෙයුම් වියදම රුපියල් බිලියන 10.6 ක් දක්වා සියයට 22.4 කින් ඉහළ ගොස් ඇත.
දුම්රිය ගාස්තු අනිකුත් පොදු ප්‍රවාහන සේවා සමග සැසඳීමේදී අඩු මට්ටමක පැවතීම නිසා දුම්රිය සේවය තිරසාර ලෙස පවත්වාගෙන යාමට එය බාධාවක් ලෙස පවතී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos