ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ මයික්‍රෝ කර්මාන්තශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේදී ඊයේ දිනයේ (18දා) විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේදී එකලස් කරන ලද මයික්‍රෝ රථ තොගයක් බංග්ලාදේහය වෙත අපනයනය කිරීමට නියමිත අතර, ඒ සම්බන්ධ ලියකියවිලිද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වීමද සිදුවිය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, කර්මාන්ත සංවර්ධන හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.