-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අවිස්සාවේල්ල නගරයේ ජංගම දුරකතන අලෙවි සැලකින් භාණ්ඩ සොරකම් කර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අදාළ සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැලේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබුණි.
අවිස්සාවේල්ල නගර මධ්‍යයේ පිහිටි එම ජංගම දුරකතන අලෙවි සැලට පසුගිය 01 වන දා අලුයම තුනට පමණ එහි වහලයෙන් ඇතුළු වී සොරකම සිදුකර ඇති අයුරු කැමරාවල සටහන් වී තිබුණි.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු යටියන්තොට හා රත්නපුරදී අත්අඩංගුවට ගැනිණ.
ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන 54 ක්, රුපියල් දස දහසක් වටිනා ජංගම දුරකතන පෙරගෙවුම් කාඩ්පත් සහ මීට පෙර සොරකම් කරන ලද බව කියන ලැප්ටොප් පරිගණකයක් ද පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.
මේ අතර මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදී මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලාගිය සිස්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රශ්න කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සෙවීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්ද ක්‍රියාත්මකයි.
පෙරේදා රාත්‍රී 7.30 ට පමණ යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස්වැසුම් පැළද සිටි පුද්ගලයින් 06දෙනෙකු ගිණි අවි පෙන්වා එම කොල්ලකෑම සිදුකර පලා ගියහ.
පොලීසිය සදහන් කළේ කොල්ලකරුවන් එහි තිබූ රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව ය.
පොලීසිය පැවසුවේ ස්වර්ණාභරණ අලෙවි සැලේ සේවකයින්, පාරිභෝගිකයින් හා සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් ප්‍රශ්න කළ බව ය.
කෙසේ වුවද සැකකරුවන් හඳුනාගැනීමට හැකිවන ආකාරයේ තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos