-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැඟීම වෙනුවෙන් සහය ලබාදුන් බව කියන 65 දෙනෙකු ඉකුත් මස 2ක තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මොවුන් අත්අඩංගුවට ගත් බව පවසන ඒ මහතා ඔවුන්ගෙන් පස්දෙනෙකු නිදහස් කර ඇති බවද කියයි. 

සෙසු අය අතර සිටි කාන්තාවන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු බූස්ස රැඳවුම් කඳවුරේත් ඉතිරි දෙන්නා වව්නියාව රැඳවුම් කඳවුරේත් රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹදී අද (10) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය. 

විදේශීය මුදල් මොවුන් අත සංසරණය වෙමින් තිබූ බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මේ අතර බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට දැඩි කර ඇති බවද හෙතෙම අවධාරණය කළේය. 

එම මෙහෙයුම අද සිට ලබන 20දා දක්වා ක්‍රියාත්මකය. 

බීමතින් රිය පදවා වැරදිකරුවෙකු වන අයෙකුගේ රියදුරු බලපත්‍රය මාස 6ට අවලංගු කරන ලෙසට නීති සකස් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් උත්සව සමයේදී මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යොදවන බවත් ඔහු පැවසුවේය. 

දිවා කාලයේදී යතුරු පැදිවල ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙසට දැනුම්දීමෙන් පසු බස්නාහිර පළාතේ රිය අනතුරු අඩුවී ඇති බවද එය සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීම මේ නිසා වැදගත් බවද හෙතෙම සඳහන් කළේය. 

එසේම මූල්‍ය ස්ථාන ආශ්‍රිතව ආයුද සන්නද්ධව සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් ඒවායේ ආරක්ෂාවට යොදවන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos