-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අප්‍රේල් මස 12 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 07.37 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 01(13 සිට (අප්‍රේල් මස 14 වැනි සඳුදාට එළිවන පාන්දර) අප්‍රේල් 14 වැනි සඳුදා අපරභාග 02(01 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව 

අලුත් අවුරුදු චාරිත්‍ර

භාග 01.13 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් පූර්ව භාග 07(37 සිට අපර භාග 02(01 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 10(17 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද, කැවිලි වර්ගයක්‌ ද, පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා 

ආහාර අනුභවය

අප්‍රේල් මස 14 සඳුදා පූර්ව භාග 11.05 ට සුදු වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගෙනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්වභාග 11.16 ට කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණ දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06(16 ට රන් වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා රැකී රක්‍ෂා සඳහා පිටත්වීම මැනවි.

සැ.යු.(- ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos