-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුඩා කළ ළමුන් සෙල්ලම් ගෙවල් සාදාගෙන එහි වැඩි හිටි යන්ගේ ක‍්‍රියාකාරකම් රග දක්වමින් සතුට බුක්ති විඳින අතර හිටි වනම මේ සුන්දර තා බිඳ දමමින් හෝ කඩා කප්පල් කරමින් එක් අයෙක් හෝ කිහිප දෙනෙක් අඩ දබර කරගන්නේ සෙල්ලම් ගෙදර වඩා ප‍්‍රභල චරිතයක් හෝ ජනප‍්‍රිය චරිතයක් රගපාන්නට අවස්ථාව ඉල්ලමිනි. අවසානයේ සිදුවෙන්නේ ළමුන් විසින් ළමුන්ගේම සන්තෘෂ්ඨිය නැති කරගැනීමකි. ළමුන් එවන් ක‍්‍රියාකාරකම් තුලින් සාමුහික දායකත්වය මෙන්ම තවත් බොහෝ දේ ඉගෙන ගනිති. නැවත ත් එවැන්නක් සිදු නොවූ ලෙස නැවත සෙල්ලම් ගෙවල් සාදා විනෝද වෙති. නමුත් මේ කතා කරන්නට යන්නේ එවන් සෙල්ලම් වැඩක් ගැන නොවේ.
ලංකාවේ ප‍්‍රධාන මාධ්‍ය ආයතනයක් වූ ජාතික රුපවාහිනියේ ඇතිව ඇති අභ්‍යන්තර ගැටුම් පිළිබඳවය. රාජ්‍ය ආයතනවලට විශේෂයෙන් මෙවන් මාධ්‍ය ආයතනයකට දේශපාලන ඇගිලි ගැසීම් සහ බලපැම් වැඩිවීම සුබදායක දෙයක් නොවන බව පාසල් දරුවෙකුට පවා අවබෝධයක් ඇති කාරණාවකි.

 රාජ්‍ය පාලකයන්ගේ හොරනැ බවට පත්ව ඇති මේ රටේ ප‍්‍රධාවන මාධ්‍ය ආයතනවළින් ජාතික රූපවාහිනිය යනු හොඳම ඒවා අතර හොඳම එක ලෙස මීට බෙබාහෝ කළකට පෙර ජනතාව අතර විශ්වාසය තිබූ රුපවහානිී නාළිකාවය. අද වනවිට ජනතාව මේ එකඳු මාධ්‍ය ආයතනයක් වත් වඩා හොඳයි කියන්නේ නැත.
කෙසේවුවද මේ වනවිට ජාතික රුපවාහිනිය දේශපාලන ඇගිලි ගැසීම් සහ බලපැම් මත වේගයෙන් විනාශ වෙමින් පවතින බව නොදන්නා කෙනෙක් නැත. සෙල්ලම් ගෙවල් වල ළමයින් ටත් එහායින් ගොස් රූපවාහිනියේ ප‍්‍රදානීන් එකිනෙකා ප‍්‍රසිද්ධියේ ගුටි ඇනගෙන තිබේ. පරුෂ වචන ඇදබාමින් ඉහළ නිළධාරීන් බැනගෙන තිබේ. 
මේවා පාලනය කරන්නට අමාත්‍යවරයාටවත් බැරි තැනට මේ ක5ියාකාරකම් දිග්ගැස්සී ඇත්තේ අමාත්‍යවරයාටද ඇති බරපතල චෝදනා නිසා විය හැකිය.
මෙම ගැටුම් ඇරඹී ඇත්තේ 
ජාතික රූපවාහිනිය තුළ පසු ගියදා එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ නිමල් බෝපගේට හා උපදේශක සංජීව සිරිබද්දනට ප්‍රදාන විධායක ගාමිනි සෝමචන්ද්‍ර හා ජනාධිපති විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ සෝමපාල ගාල්ලගේ විසින් සිදු කල පහරදීම හේතුවෙනි .
මෙම සිද්ධීන් වලට බලපෑ හේතු රැසක් මේ වන විට හෙලිවී තිබේ.ඒවා පහත දැක්වේ.
1. ප්‍රදාන විධායක වැටුප වැඩි කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කල යෝජනාව ප්‍රතික්ෂේප වීම
2. ප්‍රදාන විධායක රාසපුත්‍රගේ සොයුරු මාතර දිස්ත්‍රික් අපේක්ෂක චන්දිම රාසපුත්‍ර ජාතික රූපවාහිනියේ විකාශනය වන වේදිකාව වැඩ සටහනට සහභාගී නොකර නිමල් බෝපගේ විසින් ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයෙකු වන සරත් අල්විස් නැමැති මාතර දිස්ත්‍රික් අපේක්ෂකයා සහභාගී කරවීම
3. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ප්‍රදාන විධායකගේ බලතල අඩු කෙරෙන ආකාරයේ යෝජනා ඉදිරිපත් වීම
4.ප්‍රදාන විධායක නිමල් බෝපගේ යටතේ සිටින නිලධාරියෙකු වීම

වැඩ තහනමකට ලක් වූ ගාමිනී රාසපුත්‍ර හා සෝමපාල ගාල්ලගේ නැවතත් සේවයට පැමිණ ඇති අතර පහර කෑමට ලක් වූ නිමල් බෝපගේ හා සංජීව සිරිබද්දන මෙතෙක් රූපවාහිනි පරිශ්‍රයට පැමිණ නැත.
මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ වසර 32ක කාලයක් සේවය කරණු ලැබූවෙක් මාධ්‍යවෙත එවා තිබූ ලිපියක් පහත සඳහන් පරිදි වේ ..
ඉහල නිලධාරීන්ගේ ගැටුම් හේතුවෙන් දිගින් දිගටම කඩා වැටෙන ජාතික රූපවාහිනී සංස්ථාව මේ වන විට එහි අන්තයටම ළගා වී තිබේ. ප්‍රදාන විධායක ගාමිනී සෝමචන්ද්‍ර රාසපුත්‍ර හා ජනාධිපති විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ යැයි කියන සෝමපාල ගාල්ලගේ එක්ව ක්‍රියාකාරී අධ්‍යක්ෂට හා උපදේශකයෙකුට පසුගියදා සිදු කල පහරදීම හේතුවෙන් ප්‍රදාන විදායක හා ගාල්ලගේ වැඩ තහනමකට ලක් වුවද එය නොතකා නැවත සේවයට වාර්තා කරමින් රූපවාහිනිය කැලෑ නීතියෙන් පාලනය කිරීම ආරම්භ කොට ඇත්තේ වැඩබලන පරිපාලන අධ්‍යක්ෂ සුනිල් දිසානායක හා එක්ව ගත් තීරණයකට පසුවය.
පසුගියදා මෙම සභාපතිවරයා තම දෙපාමුල දණගස්වා ගත් ප්‍රදාන විධායක රාසපුත්‍ර ජනාධිපති ඒකකයේ අධ්‍යක්ෂ ගාල්ලගේ හා සුනිල් දිසානායක ඔවුන්ගේ වැඩ තහනම් කිරීමේ ලිපි සියල්ල යලි තම භාරයට ගන්නා ලෙස සභාපතිවරයාට අවවාද කොට තිබේ.
මෙම තත්වය තුළ තව තවත් පීඩනයකට ලක් වූයේ ජාතික රූපවාහිනියේ අහිංසක සේවකයන් වන අතර ඔවුන් සිදුවූ දෑ පිළිබද නොයෙකුත් විස්තර සොයමින් තැන තැන එකතු වී සිටින්නේ ජාතික රූපවාහිනියට සිදුවන වින්නැහිය දරාගැනීමට අපහසු නිසාය.
රාසපුත්‍රල ගාල්ලගේ හා සුනිල් දිසානායක යන තිදෙනාගේ ග්‍රහණයෙන් මිරිකී සිටින සේවකයින් මේ වන විට ඉන් මිදීමට ඇති මං සෙවීමට දැඩි පරිශ්‍රමයක් යොදයි.
තත්ත්වය තවදුරටත් මෙසේ තිබුණහොත් ජාතික රූපවාහිනී විකාශන කටයුතු නතර කිරීමට සේවකයින් මේ වන විටත් තීරණය කර තිබෙන අතර මොවුන් තිදෙනා ඉවත් කරන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට ඉඩ ඇති බවද කිවයුතුමය.
මේ අතර පසුගිය දිනෙක සේවක පිරිසක් හමුවේ සභාපතිවරයා පවසා ඇත්තේ අමාත්‍යවරයා, ලේකම්වරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ට අදාල නොවන බවත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ප්‍රදාන විදායක ගාමිනි රාසපුත්‍ර වෙත තමාගේ සම්පූර්ණ සහය ලබා දෙන බවත්ය.
මොහාන් සමරනායක රූපවාහිනියෙන් එළවීමට අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත තමන් දිවි හිමියෙන් සහය දැක්වුවද මේ මොහොතේ තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේද රූපවාහිනියෙන් එලවා දැමිය යුතු බවට රාසපුත්‍ර කළ යෝජනාවට සභාපතිවරයා එකගවී තිබේ.
මෙහි ප්‍රධානතම ගැටළුව වන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකට හා උපදේශකට පහරදීම යන සිදුවීමට විසදුමක් ලබාදීම වෙනුවට වැඩ තහනමකට ලක් වූ දෙදෙනා නැවත ආයතනයට ගෙන්වාගෙන සභාපතිවරයා විසින් සිදු කරමින් සිටින නීති විරෝධී කටයුත්තට කිසිදු ඉහළ බලධාරියකුගේ අවදානය යොමු නොවීමයි.
මේ අවස්තාවේ පවතින වාතාවරණය තුළ කඩිගුලක් මෙන් ඇවිස්සී සිටින සේවකයන් පිරිසක් රාසප්‍රත්‍ර නඩය විසින් සිදු කල සියලුම දූෂණ ක්‍රියා පිළිබද අදාල ආයතන දැනුවත් කිරීම ආරම්භ කර ඇති අතර ඉතාමත් කාර්යබහුල කාලසටහනක් පවතින මේ කාලයේ ජාතික රූපවාහිනී විකාශය අත්හිටුවීමක් සිදු වුවහොත් සිදුවන මූල්‍යමය හා ජාතික පාඩුව අතිමහත් බවත් එය වලක්වා ගැනීම සදහා තාවකාලිකව ජාතික රූපවාහිනි පරිපාලනය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පවරාගන්නා ලෙසත් ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමටත්ද ලැහැස්ති වී සිටී.
මේ අනුව ජාතියේ නාලිකාව වන ජාතික රූපවාහිනිය තම චාරිකාවේ විනාශය සලකුණු කරන අතිභයංකරම කාලය වෙත පිවිස ඇති අතර දිනෙන් දින උණුසුම් වන අර්භදය වෙත ජනාධිපතිවරයා අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් වරයා හෝ රටේ වගකිව යුතු නිලධාරීන් තම අවධානය නිසි පරිදි යොමු නොකර නිහඩව සිටීම යනු සමස්ථ ජාතියේම අභාගයක් වන බව නම් ඒකාන්තය.
ඒ අනුව කලක් ජනතාවගේ නාලිකාව බවට පත්ව තිබූ ජාතික රූපවාහිනිය පසුව ජනපති නාලිකාව බවටද පත්ව සිය තිස්දෙවන යව්වනයේදීම වයෝවෘද වීම හේතුවෙන් එය දැන් රාසපුත්‍ර, රූබසිංහ ,ගාල්ලගේ නඩයේ මහලු මඩම බවට පත්ව ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයකට සිදු කල ඛේදජනකම විනාශයක අත් දැකීම ශ්‍රී ලංකා ඉතිහාසයටකද එක් කරමිනි.
- ජාතික රූපවාහිනී උපතේ සිට වසර 32ම සේවය කල සේවකයෙක්-

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week