-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය රේ‍ඩාර් පද්ධතියෙන් මිදුණු පසු ව ත් පැය 4කට අධික කාලයක් පියාසර කරන්නට ඇතැයි, වාර්තා වේ.
ඔවුන් මෙය ප්‍රකාශ කරන්නේ, ලන්ඩන් මුලස්ථානය කර ගත් චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථානයක් විසින් සිදුකරන ලද පරීක්ෂණයක් පදනම් කර ගෙන ය.
මේ අතර අතුරුදන් වූ මලයාසියානු යානය හිතා මතා ම වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි, යන්න හමුදා රේඩාර් දත්තවලට අනුව නව අදහසක් ඉදිරිපත් වූයේ ඊයේ රාත්‍රියේදී ය.
විමර්ශකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, බීජිං වෙත පියාසර කෙරෙන සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව මැදපෙරදිග හා යුරෝපය වෙත ගුවන් යානා පියාසර කෙරෙන මග ඔස්සේ මෙම යානය පියාසර කරන්නට ඇති බව ය.
ඒ අනුව මෙම යානය ඉන්දීය සාගරයේ පිහිටි අන්දමන් දූපත් ආශ්‍රිතව පියාසර කරන්නට ඇතැයි, විමර්ශකයින් අනුමාන කරන බව ද ආදාළ වාර්තාවේ සඳහන් ව තිබේ.
මේ අතර රේඩාර් හා අනෙකුත් සන්නිවේදන තාක්ෂණයන්ගෙන් සමන්විත පී.3. සී ඔරායන් වර්ගයේ අවේක්ෂණ ගුවන් යානා අන්දමන් මුහුදු තීරය වෙත යැවීමට ද අමෙරිකානු නාවික හමුදාව පියවර ගෙන තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඉන්දියානු නාවික හමුදාව ද මේ වන විට යානය සෙවීමේ කටයුතුවලට ද දායක වී ඇති බව ය.
ඔවුන් චෙන්නායි මුහුදු කලාපයේ යානය සෙවීමේ කටයුතු සඳහා නෞකා 5ක් ගුවන් යානා 6ක සහය ලබා දී තිබෙන බව ඉන්දියානු නාවුක ප්‍රකාශක ඩී. කේ. ෂර්මා පවසයි.
කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය පිළිබඳව මෙතෙක් හෝඩුවාවක් සොයා ගැනීමට තව ම ත් කිසිවෙකුට හැකි ව නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week