පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු සඳහා දැන් ඉන්දීය නාවික හමුදාව ද එක්ව සිටිනවා. ඒ, ගුවන් යානය අතුරුදන් වූ ප‍්‍රදේශයේ සිට පැය කිහිපයක් බටහිර දෙසට ගමන් ගත් බවට තොරතුරු ලැබීම නිසයි. මලක්කා සමුද්‍ර සන්ධියේ සිට අන්දමන් දූපත් දක්වා කි‍්‍රයාත්මක වූ සෝදිසි මෙහෙයුම් මේ වන විට චෙන්නායි වෙරළට ද යොමු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. යානය සෙවීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාව එක්ව සිටින්නේ ඒ සඳහා මලයාසියානු රජය විසින් කළ ඉල්ලීමකට අනුවයි. ඒ සඳහා ඉන්දීය නෞකා 6ක් සහ ගුවන් යානා 5ක් එක්ව සිටිනවා.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media