-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවේකය ගතකිරීමට සුඛෝපබෝගී හෝටල් තෝරාගන්නා සංචාරකයින්ට එම අත්දැකීම තවත් සුන්දර කරගැනීමේ අවස්ථාව අනාගතයේදී උදාවිය හැක.
මෙම ඡායාරූප වල දැක්වෙන්නේ ඒ සඳහා දායක විය හැකි මුහුදේ පාවෙන කුඩා දුපත්ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තිය යොදාගෙන ක්‍රියාත්මක වන මෙම පාවෙන දූපතෙහි නාන තටාකයක් , සුඛෝපබෝගී නිදන කාමර දෙකක් සහ මුහුද යට දසුන් නැරඹිය හැකි ලෙස නිර්මාණය කර ඇති කාමරයක්ද අඩංගු වේ.
එහි ක්‍රියාත්මක වන මෝටරයකට සම්බන්ධ කර ඇති සුක්කානමක් ආධාරයෙන් දූපතෙහි පිහිටීම වෙනස් කිරීමටද එහි ලැගුම් ගෙන සිටින්නන්ට අවස්ථාව ලැබේ.
මෙම සැළැස්ම කෙතරම් සිත්ගාන්නාසුළුද යත් මාලදිවයින මෙවන් හෝටලයක් ඉදිකිරීම සඳහා එහි නිර්මාණකරුවා වන එම් පී ඩී ඩිසයින්ස් සමාගමේ මිෂෙල් පුසොලන්ටෙ සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.
ඉහළ යමින් පවතින මුහුදේ ජල මට්ටමත් සමඟ මේ අකාරයේ හෝටල් නිර්මාණය කිරීම එරට සංචාරක කර්මාන්තයෙහි වර්ධනයට උපකාරී වනු ඇති බව බොහෝදෙනාගේ විශ්වාසයයි.
කෙසේවෙතත් මෙම හෝටලය ඉදිකිරීමට පවුම් මිලියන 145ක මුදලක් වැයවන බවද වාර්තා වේ.
( ඡායාරූප -ඩේලි මේල් )

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week