විල්ගමුව පේරකනත්ත ප‍්‍රදේශයේ ව්‍යාපාරියකුට වෙඩි තබා අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන්ගෙන් එක් අයකු පැනයන අවස්ථාවේ රාජකාරි කළ පොලිස් නිලධාරින් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
සැකකරුවන් ඝාතනය කොට ව්‍යාපාරියාගේ රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් මුදල් හා රන් ආභරණ කොල්ලකා තිබිණ.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ විල්ගමුව පොලිසයේ සේවය කළ සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ විල්ගමුව පොලිසයේ සේවය කළ සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරයෙකි.
(මහේෂ් තිලකරත්න-මාතලේ)