-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අබුඩාබියේ රැුකියා ලබාදෙන බව පවසමින් විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින් 183 දෙනෙකුගෙන් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් වංචාකළ රැුකියා නියෝජිත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය 12 වැනිදා වටලා තිබේ. මෙසේ වටලා ඇත්තේ කලකට ඉහතදී කාර්යාංශයේ ලියාපදිංචි සිටියත් සිදුකළ වැරදි ක‍්‍රියා නිසා තාවකාලිකව බලපත‍්‍රය අත්හිටවා තිබූ මරදාන ප‍්‍රදීපා මාවතේ පිහිටි එ්ජන්සියක් වන අතර වැටලීම කරන අවස්ථවේ එහි හිමිකරු පැනගොස් සැඟවී තිබේ.
 අබුඩාබියේ ආරක්ෂක අංශයන්හි රැුකියා ලබාදීමට මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 183 දෙනෙකු කර තිබූ පැමිණිලි විමර්ශනය කිරීමට කොටුව අංක 05 මහේස්ත‍්‍රාත් උසාවියෙන් ලද නියෝගයකට අනුව එම වැටලීම සිදුකර තිබේ. මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකත් දෙකහමාරත් අතර මුදලක් වංචා කරඇති බවයි. මෙවැනි වංචාවලට හසුනොවීම ස`දහා විදේශ රැුකියා ලබාගැනීමට පුද්ගලයින්ට හෝ එ්ජන්සි ආයතනවලට මුදල් ලබාදීමට පෙර කාර්යාංශයෙන් පෙර විමසීමක් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.  

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week