විදේශ රටක සිට සැකකටයුතු කන්ටේනර් තුනක් වරායට පැමිණ ඇති බවට රේගුවට රහසිගත තොරතුරු ලැබී තිබේ.රේගු පරීක්ෂණ අංශයක උසස් නිලධාරියකු සඳහන් කෙළේ එම සැකකටයුතු කන්ටේනර් තුන තාවකාලිකව අත්හිටුවීමට වරාය බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
එම සැකකටයුතු කන්ටේනර් තුනට අදාළ ලියකියැවිලි රේගුව වෙත ගෙන්වාගෙන මූලික පරීක්ෂණයක් පවත්වාගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කෙළේය.
ඒ පිළිබඳ රේගු බුද්ධි අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.