මහර මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ මුදල් වංචා නඩුවක් විභාග වන අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවයේ කාන්තාවක විසින් විත්තිකරුගේ බිරියට පහර දීම නිසා පහර දුන් කාන්තාව රුපියල් 2,500 ක මුදල් ඇපයක් සහ රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කලේය.
අනෝමා දයානි සිරිවර්ධන නමැති කැළණියේ පදිංචිකාරියක වන ඇය ගල්කිස්ස පදිංචිකරුවකුට විරුද්ධව මුදල් වංචාවක් සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබිණි.
ඒ සම්බන්ධව පැවති නඩුව අධිකරණයේ විභාග වන අවස්ථාවේ නඩුවට අදාළ පැමිණිලිකාරියගේ සහෝදරියක මෙම කාන්තාවට පහර දී ඇති බව කඩවත පොලීසිය පවසයි.
‘අපි කැළණියේ මර්වින්ගේ මිනිස්සු.. මර්වින් සිල්වාගේ කට්ටියත් එක්ක ඇවිත් මරණවා’ යනුවෙන් තර්ජනය කර අතින් පහර දී ඇති බවත් මෙම නඩුව කඩවත පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිඥවරයි පැවසුවාය.