ආණ්ඩුවේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් තොරතුරු බොහොමයක් වාර්තා කිරීම හේතුවෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් යන වෙබ් අඩවි තහනම් කිරීමට තුර්කි රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට ජනාධිපති ටයිප් එරිඩකෝන් ඔහුගේ පුතෙකු සමග කිසියම් මුදල් තොගයක් සැඟවිය හැකි ක්‍රමයක් සම්බන්ධයෙන් කළ සංවාදයක් මෑතකදී එම වෙබ් අඩවි හරහා හෙලි වූ ආන්දෝලනාමක තොරතුරකි.
මේ අතර එරට විවිධ පාර්ශව අන්තර්ජාලය සඳහා තහනමක් පැනවීම අනුමත කළ නොහැකි බව පවසන අතර එමගින් තුර්කියේ විවෘත භාවය එමගින් අභියෝගයට ලක්වන බවද කියා සිටිති.