-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

චිත්‍රපට නිෂ්පාදකයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය හා නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද් ට අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
මෙසේ ඇයට සී.අයි.ඩී. යට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධ සිද්ධියකට බවද පැවසේ.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ක්ලයිව් මාර්ටිනස් නැමැත්තාගේ බිරිය විසින් සිය සැමියා සමඟ නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයකට ලැබීමට තිබූ මුදලක් ලබා නොදීම හා අදාල චිත්‍රපටය ඩී.වී.ඩී. පටයකට තැටිගතකර විකිණීමට බොරලැස්ගමුවේ දිල්ෂාන් එන්ටප්‍රයිසස් නැමැති සමාගමට ලබාදී ඊට අදාල මුදල්ද නොදීම යන කාරණාව සම්බන්ධනේ කරණ ලද පැමිණිලකට දිනක්ෂිට මේ කැඳවීම ලැබී තිබේ.
ක්ලයිව්ගේ බිරිය විසින් සී.අයි.ඩී. යට පැමිණිලි කළ අවස්ථාවේදී අදාල චිත්‍රපටයේ ඩී.වී.ඩී. පිටපත් විකිණීමට තබා තිබුණහොත් මේ පිළිබඳව පරීක්ෂන පවත්වන බවට මීට පෙර දන්වා තිබී ඇතැයි ද පැවසේ.
ඒ අනුව අදාල චිත්‍රපටයේ පිටපත් මොරටුවේ හා පිටකොටුවේ තිබී හමුවී ඇත.
දිනක්ෂිට අමතරව, රාජ් රණසිංහ නැමැත්තාගේ පුත්‍රයාවන අශෝක් අම්රිත් රණසිංහවද අද සී.අයි.ඩී. ය වෙත කැඳවා තිබේ.
දිනේෂ් ප්‍රියසාද් හා රාජ් රණසිංහ චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත් ණය මුදල් පියවා නොතීම හේතුවෙන් අදාල චිත්‍රපටය නිෂ්පාදනයේදී ගිවිසුම් අත්සන්කර ඇත්තේ දිනක්ෂි ප්‍රියසාද්, ක්ලයිව් මාර්ටිනස් හා රාජගේ පුත් අශොක් අම්රිත් රණසිංහ යන තිදෙනා අතර බවද පැවසේ.
දිනේෂ් ගේ මද්දුම දියණිය වන නිළි ශේෂාද්‍රි ප්‍රියාසාද් විවාහව සිටින්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවයේ නියුතු රන්ජන් ද සිල්වාමහතාගේ පුතු සමඟය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week