-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇමරිකාවේ මියාමිහි පාසලක හිටපු විදුහල්පතිවරයෙකු අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා ලබාගත් වන්දි මුදලක් දියණියගේ ෆේස්බුක් හැසිරීම හේතුවෙන් අවලංගු කර ඇතැයි වාර්තා වේ.
ගලිවර් පෙර ද්වීතීයක පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කරමින් සිටි 69 වියැති පැටි‍්‍රක් ස්නේ ගේ 2010-11 වසර සඳහා කොන්ත‍්‍රාත්තුව අළුත් නොකිරීමට පාසල් බලධාරීන් පියවර ගත් අතර ඊට එරෙහිව ඔහු අධිකරණයේ නඩු පවරා තිබේ.
2011 නොවැම්බර් මසදී පාසල සහ ස්නේ එකගතාවයකට පැමිණි අතර එහිදී ස්නේට ඩොලර් 10000ක් ගෙවීමටත් සමාදාන වීම සඳහා ඩොලර් 80000ක් ගෙවීමටත් ගලිවර් පාසල් බලධාරීන් එකගවී තිබේ.
කෙසේවෙතත් එම මුදල් ලබාදීමට පෙර පුවත කණ වැකුණු ස්නේගේ දියණිය ෆේස්බුක්හි සටහන් කර ඇත්තේ තම දෙමව්පියන් ගලිවර් පාසලට එරෙහි නඩුව ජයගත් බවයි.
මේ ගිම්හානයේදී ඇයගේ යුරෝපා සංචාරයට අනුග‍්‍රහය දක්වන්නේද ගලිවර් පාසල බව ඇය පවසා තිබේ.
මේ පුවත ඇගේ 1200ක් වන මිතුරු පිරිස අතර පැතිර ගොස් ඇති අතර එය ඉක්මනින්ම පාසල් බලධාරීන් හටද දැනගන්නට ලැබී ඇත.
දින කිහිපයකට පසු පාසල් බලධාරීන් විසින් ස්නේගේ නීතිඥයන්ට දන්වා ඇත්තේ රහසිගත ගිවිසුම උල්ලංඝනයවී ඇති හෙයින් පොරොන්දුවූ මුදල ලබා නොදෙන බවයි.
පැටි‍්‍රක් ස්නේ හෝ ඔහුගේ බිරිඳ පාසල සමග ඇතිකරගත් එකගතාව කිසිවෙකුටත් නොපැවසිය යුතු බවට වූ ගිවිසුම දියණියගේ ක‍්‍රියාකලාපය මගින් කඩවී ඇති හෙයින් එම වන්දි මුදල අවලංගු කිරීමට අධිකරණය විසින්ද තීරණය කර ඇතැයි පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos