රථවාහන මිලදී ගැනීම පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් සිදුකිරීමේදී ප‍්‍රවේශම් වන්නැයි පොලිසිය මහජයාගෙන් ඉල්ලීමක් කරයි.
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු මුද්‍රාව සහිත පෝරම භාවිතයෙන් වාහන කුලියට ලබාදෙන ආයතන වලින් කුලියට ලබාගන්නා වාහන වංචනිකව අලෙවි කරන පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබද කරුණු රැසක් අනාවරණය වී තිබේ.
තිස් අට හැවිරිදි කාන්තාවක් විසින් මෙම වංචනික ක‍්‍රියාව කරගෙන ගොස් ඇති අතර,එම වාහන වෙළද පොළේ වටිනාකමට අඩුවෙන් මිල නියම කරමින් අලෙවි කර ඇතැයි හෙළි වී ඇත.