තම පුතාගේ ඇපයට අස්සන් කර පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ මවකගේ ඇපය ගල්කිස්ස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා රාජසන්තක කර රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කෙළේය.දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක සිර දඬුවමක්ද නියම කෙරිණි.
රත්මලානේ පදිංචි එන්. කේ. සුනීතා නමැති කාන්තාවකට මේ දඩ මුදල නියම කෙරිණි.
සැකකාරියගේ පුතා විසින් පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළ බවට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ කාන්තාව විසින් රුපියල් විසිපන් දහසක ශරීර ඇපයකට අස්සන් කර ඔහුව මුදාගෙන ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු වාර කිහිපයක් පැවැති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇපකාර මව අපොහොසත් වී තිබිණි.
ඊයේ (5දා) මේ නඩුව අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරු ඉදිරිපත් කිරීමට ඇපකාරිය උත්සාහ නොගන්නා බව පෙනී යන හෙයින් රුපියල් විසිපන්දහසක ශරීර ඇපයෙන් රුපියල් දසදහසක මුදලක් රාජසන්තක කර එය දඩ මුදලක් ලෙස අයකර ගන්නා බවද දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක අමතර සිර දඬුවමක්ද නියම කෙළේය.
පුතාගේ ඇපයට අම්මා අස්සන් කරලා:පුතා අතුරුදන්: අම්මට 10,000ක දඩයක්
2014-03-06T07:49:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|Sri lanka news|