-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු පාන් පිටි කිලෝ දසදහස්‌ තුන්සියයක්‌ කැලණිය, ගෝනවල ආහාර සැකසුම් ගබඩාවක තිබී ඊයේ (05 වැනිදා) පාරිභෝගික අධිකාරිය මගින් සොයා ගෙන ඇත. රොටි, පරාටා ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා මිලෙන් අඩු පිටි වර්ගයක්‌ තිරිඟු පිටි ලෙස නම් සඳහන් කර අසුරණවල බහා තිබූ මෙම පිටි තොගය කල්ඉකුත් වීමේ දිනය ද වෙනස්‌ කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම පිටි තොගයෙන් කොටසක්‌ තිරිඟු පිටි ලෙස වෙනස්‌ කොට වෙළෙඳ පොළට එවා තිබෙන බවට පාරිභෝගික අධිකාරිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරියේ ක්‍ෂණික දුරකථන අංකයට ලැබුණු තොරතුරක්‌ මත මෙම වැටලීම සිදුකළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

පාරිභෝගික ජනතාව නොමග යවමින් පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ ළඟ තබා ගැනීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos