රුසියානු කාන්තාවෝ යට ඇදුමේ අයිතිය ඉල්ලා විථි බැස අතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
රුසියානු රජය විසින් සියයට 6 කට වඩා අඩු කපු ප්‍රතිශතයකින් යුත් යට ඇදුම් ආනයනය කිරීම සහ අලවිය නතර කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වා ඔවුන් මේ විරෝධතාව දියත්කර ඇත.
මෙම විරෝධතාව අන්තර් ජාලය ඔස්සේ සංවිධාන කළ එකක් වන අතර රුසියාවේ විවිධ නගර වලදී මෙම විරෝධතාව පැවැත්විණ.
කසක්ස්ථානයේද මීට එරෙහිව විරෝධතා පැවති අතර, එලෙස විරෝධයේ නියැලුන කාන්තාවන් 30 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
වසර 2010 දී රුසියානු ආර්ථික කොමිසම මගින් ගන්නා ලද තීන්දුවකට අනුව මෙම කපු ප්‍රතිශතය අඩු යට ඇදුම් තහනම ක්‍රියාත්මක කර තිබේ.
මීට එරෙහිව විථි බසින රුසියානු කාන්තාවන් “යට ඇදුමට නිදහස දෙනු “ යන සටන් පාඨය යටතේ සටන් කරති.