-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අනියම් බිරියගේ ඇඟට ලාම්පුතෙල් වත්කර ගිනි තබා ගිනි නොගත් පසු ඇදගෙන ගොස් රේල් පීල්ලකට බෙල්ල හිරකර ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයකු ගල්කිස්ස පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා ලබන මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මොරටුව ප්‍රදේශයේ පදිංචි සමන්ත ප්‍රනාන්දු නමැති සැකකරුවකු මෙසේ බන්ධනාගාර ගත කෙරිණි.
පැමිණිලිකාරිය සිය දරුවා සමඟ රත්මලාන ධර්මාරාම පාරේ මුහුදු වෙරළට ආසන්න නිවෙසක ජීවත්ව සිටින අතර සැකකරු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.

ඉකුත් 17 වැනි දින සැකකරු පැමිණ ඔහු සමඟ යෑමට ඇයට කතා කොට ඇති අතර ඇය ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව ලාම්පුතෙල් බෝතලයක් රැගෙන ඇයගේ හිසට වත්කර ගිනි තබා ඇත. ඇය බිම පෙරැළී ගින්න නිවාගත් පසු සැකකරු ඇය ඇදගෙන ගොස් දුම්රිය මාර්ගයේ රේල් පීල්ලකට බෙල්ල තබා සිර කර ඝාතනය කිරීමට තැත් කරන අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් පොලිස් යතුරුපැදියක් දැක පලාගොස් ඇත.

කාන්තාව මේ පිළිබඳ ගල්කිස්ස පොලිසියට පැමිණිලි කරමින් අවස්ථා පහකදී සැකකරු විසින් තමාව ඝාතනය කිරීමට තැත්කළ බව පවසා ඇත.
ලාම්පුතෙල් හිසට වැටී ගිනි ගැනීමෙන් තුවාල ලත් කාන්තාව ගල්කිස්ස පොලිසිය විසින් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week