මංගල දිනයේ දී දරුවකු බිහිකළ මනාලියක පිළිබඳ පුවතක් ඉන්දියාවේ බෝපාල්හි කුඩා ගම්මානයකින් වාර්තා වී තිබේ.
ඉන්දියානු මාධ්‍ය පවසන පරිදි මෙලෙස දරුවකු බිහිකළ මනාලිය දමයන්ති බායි නමැත්තියකි.
මංගල්‍යය පැවැත්වෙන ස්ථානයට ඇය මනාලියක ලෙස හැඳ පැළඳගෙන පැමිණ ඇත්තේ මනාලයාගේ අතෙහි අලූත උපන් බිළිඳාද සමඟිනි.
මේ සිද්ධියෙන් කෝපයට පත් මනාලයාගේ පාර්ශ්වයේ ඥතීන් මංගල්‍යය අවලංගු කොට මනාලයා රැගෙන යාමට තැත් කළද මනාලයාට දාව උපන් දරුවා සහ මනාලිය කැටුව මංගල චාරිත‍්‍ර සිදුකොට නිවසට යාමට මනාලයා කටයුතු කර ඇත.