-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කීර්ති නාමයට කැළලක් වන අයුරින් ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුදු සුබ පැතුම් එවන ආකාරයට නෙත් එෆ්.එම්. සේවයේ
කළමනාකරුවන් තිදෙනකුට සහ පිළිගැනීමේ නිලධාරිනියට කෙටි පණිවුඩ එවන ලද පුද්ගලයන්ගේ ජංගම දුරකතන වාර්තා ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ (26දා) නියෝග කෙළේය.නෙත් එෆ්.එම්. සේවයේ ජේ‍යෂ්ඨ කළමනාකරුවකු වන ෆ්‍රැන්සිස් මරියෝ ශාන්ත යන අය එහි ජේ‍යෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන අතර 2014 ජනවාරි පළමුවැනි දින උදේ ජනාධිපති නමින් කෙටි පණිවුඩයක් එවමින් 'හැපී නිව් ඉයර් ශාන්ත මල්ලී' යැයි සඳහන් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් විය.

නියෝජ්‍ය කළමනාකාර චානක අමරකෝන්, සහකාර කළමනාකාර මහින්ද රූබසිංහ, පිළිගැනීමේ නිලධාරිනී නදීශා මිහිරානි යන අයටද මේ ආකාරයට කෙටි පණිවුඩ එවා ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට ජනවාරි 28 දින කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ 26 දින කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මේ නියෝගය කෙරිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos